General Knowledge
සාමාන්‍ය දැනිම එකතුව 10 - General Knowledge Questions and Answers
- ලෝක මැලේරියා දිනය යෙදී තිබෙන්නේ - අප්‍රේල් 25
 - Zoom Meeting සේවාවේ නිර්මාතෘවරයා - Eric Yuan
 - ප්‍රථම වරට ඔලිම්පික් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකිකයා - ඩන්කන් වයිට්
 - පරමාණු බෝම්බයේ පියා ලෙස සැලකෙන්නේ - ජේ. රොබට් ඕපන්හයිමර්
 - සුභාෂිතය රචනා කරන ලද්දේ - අලගියවන්න මුකවැටිතුමා
 - රම්බොඩ උමඟ මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටුව - රුපියල් 1000
 - ජුලිට්සර් ත්‍යාගය පිරිනැමෙන්නේ - ජනමාධ්‍යවේදය, සාහිත්‍ය කලාව සහ සංගීතය යන ක්ෂේත්‍රයන්හි කුසලතා වෙනුවෙන්
 - 2021 ලෝක සාගර දිනයේ තේමාව (ජූනි 8) - සාගරය, ජීවිතය සහ ජීවනෝපාය
 - ඩෙල්ටා නම් කොවිඩ් විකෘති ප්‍රභේදය මුල්වරට හඳුනාගත් රට - ඉන්දියාව
 - පුලිට්සර් සම්මානය පිරිනමන ආයතනය - කොළොම්බියා විශ්වවිද්‍යාලය
 - දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ - ශ්‍රී ලංකාවේ මීපේ
 - මොන්ටිසෝරි ක්‍රමයේ නිර්මාතෘවරිය - මාරියා ටෙක්ලා ආර්ටමිසියා මොන්ටිසෝරි
 - ජාතික බලශක්ති දිනය - ජූනි 26
 - මැකාෆි McAfee වෛරස් ආරක්ෂණ පද්ධතියේ නිර්මාතෘවරයා - ජෝන් ඩේවිඩ් මැකාෆි
 - ඉංග්‍රීසීන් විසින් අංගම්පොර සටන් කලාව තහනම් කරන ලද වසර - 1918
 - ස්‍රී ලංකාවේ ජාතික මූලික අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ - හන්තාන
 - ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරය ආරම්භ වූයේ - 1925 දෙසැම්බර් 16
 - C.W.W.කන්නන්ගර මහතාගේ සම්පූර්ණ නම - ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර
 - ලෝකයේ මුලින්ම එන්නත් භාවිතා කළ රට - චීනය
 - ශ්‍රී ලංකාවේ කිරින්ද ආසන්නයේ ගිනිගැනීමට ලක් වූ එම්. එස්.සී.මෙසීනා නෞකාව ලියාපදිංචි කර තිබෙන රට - ලයිබීරියාව
 - ඉරාන ආධ්‍යාත්මික නායකයා - අලී හොසෙයිනී කමේනි
 - Sputnik V එන්නත නිපදවන ලද රට - රුසියාව
 - ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ලෙස සැලකෙන්නේ - දරුවෙකුගේ පිළිසිඳගැනීමේ සිට අවුරුදු 5 දක්වා කාලය
 - ලොව වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රමාණයක් දිනාගෙන ඇති රට - ඇමරිකාව
 - 2021 වසරේ BBC ලෝක පුවත් සේවාව රට තුළ විකාශය තහනම් කළ රට - චීනය
 - ගුරුලුරාජ මල පළාත් පුෂ්පය ලෙස යොදාගන්නා පළාත - ඌව පළාත
 - ධනවාදී සමාජ ක්‍රමය ආරම්භ වූ රට - බ්‍රිතාන්‍ය
 - ඉතිහාසයේ පළමු වරට මිනිසා සඳ මත පා තබන ලද්දේ - 1969 ජූලි 20
 - නොබෙල් ත්‍යාගය පිරිනමන විෂයන් ගණන - 06
 - ඩන්කන් වයිට් ලංකාව වෙනුවෙන් මුල්ම ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත් ක්‍රීඩාව - මීටර් 400 කඩුලු පැන දිවීම
 


