How to do Online Class-ට්යුෂන් එකක් ඔන්ලයින් කරන හැටි දැනගමු



මේ වන විට ලොවපුරා  පැතිර යන COVID-19  වසoගත රෝග තත්වය නිසා පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් වසා තිබේ ගුරුවරයා  හා සිසුවා පන්ති කාමරයක් තුළ භෞතිකව එකිනෙකාට මුහුණලා සිදුකළ සාම්ප්‍රදායික  අධ්‍යාපන ක්‍රමය වෙනුවට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් යොදාහැනිම පිළිඔදව මේවන විටත් ලොව පුරා අවධානය යොමුව තිබේ අද ලිපියෙන් අප සාකච්චා කරනු ලබන්නේ අන්තර්ජාලයෙන් නොමිලේ ලබාදෙන සේවාවන් යොදාගෙන ශ්‍රි ලකාව තුළ ඉගෙන්වීම් හා ඉගනුම් කටයුතු සිදු කලහැකි පිළිබදවයි 

ඔබ ගුරුවරයෙක් නම් 
  1. අන්තර්ජාලය හා වෙබ්කැම් පහසුකම සහිත පරිඝනකයක් තිබිය යුතුය මේ සදහා ලැප්ටොප් පරිඝනකයක් වඩාත් සුදුසු  වේ 
  2. ඊමේල් ලිපිනයක් හා පරිඝනක යෙදවුම් හා අන්තර්ජාල භාවිතය පිළිබදව මූලික දැනුම 
  3. ඉවසිලිවන්ත අයෙක්විම හා අලුත් දේවල් ඉගනීමට කැමත්ත  ඇති අයෙකු විම -ඔබ ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම ආරම්භයේදි අභියෝග කිහිපයකකට මුහුණදීමට සිදුවනු ඇත නව ක්‍රමයට සිසුන් සම්බන්ධ කරගැනිම පිළිබදගැටලු ඇතැම් අවස්ථවල අන්තර්ජාල වේගය ප්‍රමාණවත් නොවිම නිසා මතුවන ගැටලු ආදිය මනා ඉවසීමකින් යුතුව කළමණාකරණය කරගත යුතුය 

ඔබ සිසුවෙක් නම් 

  1. අන්තර්ජාලය හා වෙබ්කැම් පහසුකම සහිත පරිඝනකයක් තිබිය යුතුය මේ සදහා ලැප්ටොප් පරිඝනකයක් වඩාත් සුදුසු  වේ 
  2. ඊමේල් ලිපිනයක් හා පරිඝනක යෙදවුම් හා අන්තර්ජාල භාවිතය පිළිබදව මූලික දැනුම 
  3. ගුරුවරයා හා මනා සම්බන්ධ්කරණයකින් යුතුව අවකoව වැඩ කළහැකි අයෙකු වීම.
ඔබ දෙමාපියෙක්  නම් 

අන්තර්ජාල පහසුකම් හා මේ සදහා දරුවාට හා ගුරුවරයාට අවශ්‍ය සහය ලබාදිමේ හැකියාව පැවතිය යුතුය දරුවා පාසල් දරුවෙකු නම් දරුවා නිසි පරිදි අධ්‍යාපන වැඩකටයුතු සදහා අන්තර්ජාල පහසුකම භාවිත කරන්නේද යන්න සොයා බැලිය යුතුය 

ඉගැන්වීම හා ඉගනුම් ක්‍රියාවලිය සදහා  තුළින් නොමිලේ  යොදාගත හැකි සේවාවන් 

1- Zoom Meeting 


 ඔන්ලයින් ඉගනුම් සදහා Zoom Meetings සේවාව වඩාත් ජනප්‍රියව සේවාවකි වීඩියෝ චැට් පහසුකම වයිටි බෝඩ් පහසුකම ඇතුලු  සේවාවන් රැසක් මෙමගින් ලබදෙනු ඇත පහත ලින්ක් එකෙන් එම වෙබ් අවවියට පිවිස ඔබට නොමිලේ ගිණුමක් සකසා ගත හැකිය 
(2) Google Hangouts

ගූගල් සමාගම් විසින් නොම්ලේ ලබාදෙන විඩියෝ චැට් සේවාවකි දැනටමත් ජීමේල් ගිණුමක් හිම්නම් මෙම සේවාව ඉතා පහසුවෙන් භාවිතා කල හැක 

(3) Google Meeting 





ගූගල් සමාගම විසින් මුදල් අයකර ලබාදෙන සේවාවක්වන මෙමගින් වැඩි සිසුන් ප්‍රමාණයකට වැඩි පහසුකම් සහිතව ඉගැන්විය හැකිය 

ඉහත එක් එක් සේවාවන් භාවිතා කරමින් ඉගනුම් ක්‍රියාවලිය සිදුකරන ආකාරය අපේ ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න ඔබට මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගැනිමටත් ගැටලු විසදා ගැනිමටත්  අවශ්‍යනම් පහත දුරකථන අoකයට අමතන්න 0771501537  ෆේස්බුක් මගින් අපව සම්බන්ධ කරගැනිමට https://www.facebook.com/slashelp/ ලින්ක් එක භාවිතා කරන්න