Download Application for Parliamentary Officer in Sri Lanka


01.    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු නිලධාරී තනතුරට බඳවාගැනීමේ විවෘත තරග විභාගය, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2019 ජූලි මස කොළඹදී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
(අ)     අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2019 අප්‍රේල් මස 30 දින වේ.
(ආ)    අයදුම්පත්‍රය පහතින් බාගත කළ හැකිය.

02.    විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්‍ෂණයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය හා ව්‍යුහගත සම්මුඛ පරීක්‍ෂණයේදී ලබා ගත් ලකුණු ප්‍රමාණයේ එකතුව අනුව ඉහළම ලකුණු ලබා ගත් අයදුම්කරුගේ සිට පුරප්පාඩුව ඇති තනතුරු 09 ක් පිරවීම සඳහා තෝරාගනු ඇත.

පාර්ලිමේන්තුවේ පරිපාලන, ව්‍යවස්ථාදායක සේවා සහ මුදල් හා සැපයුම් කටයුතු සඳහා කළමනාකාරීත්වයට සහාය වීම සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඕනෑම රාජකාරියක් ඉටු කිරීම අපේක්ෂා කරනු ලබයි.

03.    මාසික වැටුප් පරිමාණය - 2016.11.07 දිනැති අංක 06/2016 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ උපලේඛන 1 අනුව මෙම තනතුරට හිමි වැටුප් පරිමාණය රු.34,605-9x660/3x755-42,810/- වේ. ඔබට වැටුප් ගෙවනු ලබන්නේ එම චක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූලව එහි උපලේඛන II හි සඳහන් පරිදි වේ. (සියලුම අතිරේක දීමනා සහිතව මෙම තනතුරට අදාළ අවම ආරම්භක දළ මාසික වැටුප රු. 63,000/- ක් පමණ වේ.)

04.    බඳවා ගැනීමේ සුදුසුකම් - 

(අ)    ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
(ආ)    අයදුම්පත් භාර ගන්නා අවසාන දිනයට වයස අවුරුදු 21 ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි විය යුතුය. ඒ අනුව 1998 අප්‍රේල් 30 දිනට හෝ ඊට පෙර හා 1989 අප්‍රේල් 30 දිනට හෝ ඊට පසු උපන් දිනය යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත. (රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ වසර 10ක සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ සමාජික/ සමාජිකාවන් සඳහා උපරිම වයස් සීමාව අවුරුදු 40 ක් වේ.)
(ඇ)    විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
(ඈ)    පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.
  1. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි ප්‍රදානය කෙරෙන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් හෝ පිරිනමනු ලබන උපාධියක් තිබීම.

    හෝ

    රාජ්‍ය / පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ වසර 10ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම

    සහ
  2. දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සහ ගණිතය යන විෂයන් සඳහා සම්මාන සාමර්ථයක් සහිතව විෂයන් 06කින් අ‍.පො.ස. (සා/පෙළ) විභාගය සමත් විම.
සටහන- ඉහත 4 (ඈ) (ii) හි සඳහන් අධ්‍යාපන සුදුසුකම් සහිතව තම තනතුරෙහි ස්ථිර කර ඇති පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජික / සාමාජිකාවන්ටද මේ සඳහා අයදුම් කළ හැක.

සැ.යු. - සෑම අයදුම්කරුවකුම තනතුරට අදාළ සියලු සුදුසුකම් 2019 අප්‍රේල් මස 30 වැනි දින හෝ ඊට පෙර හෝ සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.

05. බඳවා ගැනීමේ ක්‍රමය -
ලිඛිත පරීක්‍ෂණයකින් හා ව්‍යුහගත සම්මුඛ පරීක්‍ෂණයක් මඟිනි.

06. විභාග පරිපාටිය -

(අ)     ලිඛිත විභාගය
මෙම විභාගය ඉංග්‍රීසි භාෂාව හා පරිවර්තන හැකියාව සහ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය මැනබැලීම සඳහා වූ ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වන අතර ප්‍රශ්න පත්‍ර දෙකම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දෙනු ලැ‍බේ. කෙසේ වෙතත් භාෂා හැකියාව මැනබැලීමේ ප්‍රශ්න පත්‍රයේ ඡේද පරිවර්තනයක් අන්තර්ගත වන බැවින් තමන් විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන මාධ්‍යය අයදුම්පතේ සටහන් කිරීමට අයදුම්කරුවන් වගබලා ගත යුතුය.
විෂයයලකුණුකාලයසමත් වීමට ලැබිය යුතු අවම ලකුණු ප්‍රමාණය
භාෂාව සහ පරිවර්තන කුසලතාව100පැය 250%
සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්‍ෂණය100පැය 250%

(1)    භාෂාව හා පරිවර්තන කුසලතාව – මෙම ප්‍රශ්න පත්‍රය අපේක්‍ෂකයන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව මැනබැලෙන අයුරින් සැකසෙන අවබෝධය, රචනාව, ඡේද සාරාංශ ගත කිරීම, සිංහල / දෙමළ භාෂාවෙන් වූ ඡේදයක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම, ඉංග්‍රීසි භාෂාවෙන් වූ ඡේදයක් සිංහල / දෙමළ භාෂාවකට පරිවර්තනය කිරීම යන ප්‍රශ්න වලින් සමන්විත වේ. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.

(2)    සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය – සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය දේශීය හා විදේශීය ප්‍රවණතා පිළිබඳ දැනුම මැනෙන අයුරින් සැකසෙන ප්‍රශ්නවලින් සමන්විත වන අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුවේ කාර්යභාරය, යුක්තිය පසිඳලීම, යහපාලන මූලධර්ම වැනි ක්ෂේත්‍රයන් සම්බන්ධව වූ සාමාන්‍ය අවබෝධය මැන බලන අතර ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.


(ආ)     ව්‍යූහගත සම්මුඛ පරීක්‍ෂණය –
පාර්ලිමේන්තුවේ මහ‍ ලේකම් පත්කරනු ලබන සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයක් මඟින් අයදුම්කරුවන්ගේ සන්නිවේදන කුසලතා, අමතර අධ්‍යාපන සුදුසුකම්, පරිගණක සාක්‍ෂරතාව, බාහිර ක්‍රියාකාරකම් සහ නායකත්ව ගුණාංග, පෞරුෂත්වය හා සම්මුඛ පරීක්‍ෂණයේදී දක්වන කුසලතා මැන බැලීම සඳහා පහත සඳහන් පටිපාටියට අනුව ව්‍යූහගත සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වනු ලැබේ. එහිදී ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය සියය (100) කි.
විෂය ක්ෂේත්‍රයඋපරිම ලකුණු
1සන්නිවේදන කුසලතා20
2අමතර අධ්‍යාපන සුදුසුකම්20
3පරිගණක සාක්‍ෂරතාව20
4බාහිර ක්‍රියාකාරකම් සහ නායකත්ව ගුණාංග20
5පෞරුෂත්වය හා සම්මුඛ පරීක්‍ෂණයේදී දක්වන කුසලතා20
එකතුව20
සටහන - උත්තර ලිවීමේදී අත් අකුරු හා අක්‍ෂර වින්‍යාසය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

07. සේවය නියුක්ත කරලීමේ නියමයන් හා සේවා කොන්දේසි -

(අ)     මෙම තනතුර ස්ථීරය. මෙම තනතුරට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයට ඔබ යටත් විය යුතුය. තෝරා ගනු ලබන අයදුම්කරුවන් මූලිකව වසර තුනක (03) පරිවාස කාලයකට යටත්ව පත් කරනු ලබන අතර, රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත, තනතුරක සේවය කරනු ලැබූ පුද්ගලයකු තෝරා ගනු ලැබුවහොත් ඔහු / ඇය වසරක වැඩ බැලීමේ කාලයකට යටත්ව පත් කරනු ඇත.

(ආ)    පත්කරනු ලබන සංඛ්‍යාව හා පත්වීම් ක්‍රියාත්මක වන දිනය පාර්ලිමේන්තු මහ ලේකම් විසින් නිශ්චය කරනු ලැබේ. කිසියම් පුරප්පාඩු සංඛ්‍යාවක් හෝ පුරප්පාඩු සියල්ලම හෝ නොපිරවීමට පාර්ලිමේන්තු මහ ලේකම්ට බලය ඇත.

(ඇ)    පාර්ලිමේන්තු නිලධාරී තනතුර සඳහා තෝරා ගනු ලබන අයදුම්කරුවන් පරිවාස / වැඩ බලන කාල පරිච්ඡේදයේ පළමු වසර තුළ දී පරිගණක භාවිතය පිළිබඳව දැනුමක් ලබා ගත යුතු අතර, වදන් සැකසුම් පැකේජය (MICROSOFT WORD) භාවිතයෙන් විනාඩි 25 කදී වචන 250ට නොඅඩු ඉංග්‍රීසි ලිපියක් සහ විනාඩි 25 කදී වචන 150 ට නොඅඩු සිංහල / දෙමළ ලිපියක් සකස් කිරීමේ හැකියාව ලබා ගත යුතු වේ.

(ඈ)    තෝරාගනු ලබන අයදුම්කරුවන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයට අදාළ වන මූල්‍ය හා දෙපාර්තමේන්තු රෙගුලාසිවලට යටත් වනු ඇත.

(ඉ)     තෝරාගනු ලබන අයදුම්කරුවන්, වැන්දඹු හා අනත්දරු / වැන්දඹු පුරුෂ හා අනත්දරු අරමුදලට ඔහුගේ / ඇයගේ වැටුපෙන් රජය විසින් තීරණය කරනු ලබන ප්‍රතිශතයකින් දායකත්වය ලබා දිය යුතුය.

(ඊ)     තෝරාගත් අයදුම්කරුවන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය විය යුතුය.

(උ)     තෝරාගත් අයදුම්කරුවන් පත්කිරීමට පෙර ඔහු / ඇය පිළිබඳව ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවක් ලබා ගැනීමද සිදු කරනු ඇත.

(ඌ)     රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමණාකාර සහකාර සේවයට අයත් අයදුම්කරුවන් සිය අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තු ආයතන ප්‍රධානීන් හරහා එවිය යුතුය.

08. ව්‍යාජ තොරතුරු සඳහා දඩුවම් -

ඉල්ලුම් පත්‍රය පිරවී‍මේ දී ඉතා සැලකිලිමත්ව නිරවද්‍ය තොරතුරු සැපයිය යුතුය. මේ විභාගයේ නීතිරීති අනුව යම් අපේක්‍ෂකයකු නුසුදුසු බව අනාවරණය වුවහොත් විභාගයට පෙර හෝ විභාගය පැවැත්වෙද්දී හෝ විභාගයෙන් පසුව හෝ ඕනෑම අවස්ථාවක ඔහුගේ / ඇයගේ අපේක්‍ෂකත්වය අවලංගු කළ හැකිය.  

09. විභාග ගාස්තු - 

විභාග ගාස්තුව රු. 1200/- කි. මෙම මුදල විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශීර්ෂය 20-03-02-13 යටතේ රජයේ ආදායමට බැරවන පරිදි දිවයිනේ පිහිටි ඕනෑම තැපැල් / උප තැපැල් කාර්යාලයකට හෝ දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පමණක් ගෙවිය යුතුය. අයදුම්කරුවන් නමින් ලබාගන්නා ලදුපත එහි එක් දාරයක් මඟින් අයදුම්පතේ නියමිත ස්ථාන‍යේ නොගැලවෙන සේ ඇලවිය යුතුය. (ලදුපතේ ඡායාස්ථ පිටපතක් මතු ප්‍රයෝජනය සදහා ළඟ තබා ගත යුතුය.) කිසිම හේතුවක් නිසාවත් විභාග ගාස්තු ආපසු ගෙවනු නොලබන අතර, වෙනත් විභාගයකට මාරු කිරීමද සිදු නොකෙරේ. තවද මුදල් ඇණවුම් හා මුද්දර භාරගනු නොලැබේ.

10. ඉල්ලුම් කිරීමේ ක්‍රමය -

(අ)    අයදුම්පත මෙම නිවේදනයට අමුණා ඇති ආදර්ශ ආකෘතියට අනුකූල විය යුතු අතර, එය කඩදාසියේ දෙපැත්ත පාවිච්චි කරමින් 8 ½ ‘’x 12’’ (A4) ප්‍රමාණයේ කඩදාසි දෙකක සකස් කළ යුුතුය. අංක 01 සිට 03 තෙක් වන ශීර්ෂ අයදුම්පත් කඩදාසියේ පළමු වන පිටුවේද අංක 04 සිට 06 තෙක් එහි දෙවන පිටුවේද අංක 07 සිට 10 දක්වා තෙවන පිටුවේද වන පරිද්දෙන් තම අයදුම්පත්‍ර සකස් කළ යුතු බව විශේෂයෙන් සැලකිය යුතුය. අයදුම්පතේ ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල අයදුම්පත්වල සිංහලට අමතරව ඉංග්‍රීසියෙන්ද, දෙමළ අයදුම්පත්වල දෙමළට අමතරව ඉංග්‍රීසියෙන්ද යෙදිය යුතුය.

නියමිත ආදර්ශ ආකෘතියට අනුකූල නොවන, නියමිත දිනට පෙර විභාග ගාස්තු ගෙවා නොමැති හා නිවැරදිව සම්පූර්ණ කර නොමැති අසම්පූර්ණ තත්ත්වයේ පවතින අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රති‍ක්‍ෂේප කරනු ලැබේ. නිසි පරිදි අයදුම්පත්‍ සම්පූර්ණ නොකිරීමෙන් සිදුවන පාඩුව අයදුම්කරුවන් විසින් දරාගත යුතුය. අයදුම්පතේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇති අතර, සම්පූර්ණ කරනු ලබන අයදුම්පත විභාග නිවේදනයේ දැක්වෙන අයදුම්පතට අනුකූල ද යන්න පිළිබඳව අයදුම්කරු විසින් විමසා බැලිය යුතු වේ. එසේ නොවුණහොත් අයදුම්පත ප්‍රතික්‍ෂේප විය හැක.

(ආ)    ගැසට් නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් ඉල්ලුම් කර ඇතැයි යන පූර්ව නිගමනය මත නියමිත විභාග ගාස්තු ගෙවා නියමිත දිනට හෝ එදිනට පෙර හෝ අයදුම්පත් ඉදිරිපත් කර ඇති සියලු අයදුම්කරුවන්ට තරග විභාගයට පෙනී සිටීමට විභාග කොමසාරිස් ජනරාල් විසින් ඉඩ දෙනු ලැබේ. තරග විභාගයට පෙනී සිටීම සඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම අයදුම්කරු මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස සලකනු නොලැබේ. අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා ගැසට් නිවේදනය අනුව සුදුසුකම් තිබේදැයි පරික්ෂා කරන අවස්ථාවේ අවශ්‍ය සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් එම අයගේ විභාග අපේක්‍ෂකත්වය අවලංගු කරනු ලැබේ.

(ඇ)  අයදුම්පත බහා එවන කවරයේ වමත් පස ඉහළ කෙළවරේ “ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය - (2019)” යන්න සඳහන් කළ යුතුය.

(ඈ)  සම්පූර්ණ කරන ලද අයදුම්පත 2019 අප්‍රේල් මස 30 වන දින හෝ ඊට පෙර පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

විභාග කොමසාරිස් ජනරාල්,
සංවිධාන (ආයතනික සහ විදේශ) විභාග ශාඛාව,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
තැ.පෙ. 1503,
කොළඹ.

11. විභාගයට පෙනී සිටීම - 

(අ) අයදුම්පතක් ලද බව දන්වනු නො ලැබේ. අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාම ඒ බව සඳහන් කරමින් නිවේදනයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පුවත්පත්වල හා දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කරනු ඇත. නිවේදනය පළ වි දින 2 ක් හෝ 3ක් ගත වූ පසුවත් ප්‍රවේශ පත්‍රය නොලැබුණි නම් දැන්වීමේ සඳහන් අකාරයට ඒ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතුය. එසේ දැන්වීමේදී අයදුම් කළ විභාගයේ නම, අයදුම්කරුගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය සඳහන් කළ යුතුය. කොළඹින් බැහැර අයදුම්කරුවකු නම් එම විස්තර සමඟ ෆැක්ස් මඟින් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් එවීම සඳහා අයදුම්කරුගේ ෆැක්ස් අංකයක් සඳහන් කළ ඉල්ලීම් ලිපියක් දැන්වීමේ සඳහන් ෆැක්ස් අංකය වෙත යොමු කර විමසා සිටීම වඩාත් ප්‍රතිඵලදායී වනු ඇත. තවද විභාග දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින අවශ්‍ය තොරතුරක් තහවුරු කිරීම සඳහා අයදුම්කරු විසින් ළඟ තබාගත් අයදුම්පතේ පිටපත, විභාග ගාස්තුවට අදාළ ලදුපතේ පිටපත හා අයදුම්පත තැපැල් කිරීමේ දී ලියාපදිංචි කරන ලද කුවිතාන්සිය ද සූදානමින් තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

(ආ) අයදුම්පතේ ද විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රයේද අයදුම්කරුගේ අත්සන සහතික කර තිබිය යුතුය. කිසියම් ආයතනයකින් විභාගයට ඉල්ලුම් කරන අයදුම්කරුවකු තම අත්සන ආයතන ප්‍රධානියා හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියකු ලවාද, එසේ නොවන අයදුම්කරුවකු තම අත්සන රජයේ පාසලක ප්‍රධානියකු / විශ්‍රාමික නිලධාරියකු, කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිවර‍යකු, සාමදාන විනිශ්චකාරවරයකු, දිව්රුම් කොමසාරිස්වරයකු, නීතිඥවරයකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරි ලත් නිලධාරියකු, රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ හෝ ස්ථිර මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු හෝ බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපති නමක් හෝ අන්‍ය ආගමික පූජ්‍ය ස්ථානයක් භාර හෝ පූජ්‍ය පක්‍ෂයේ සැලකිය යුතු තත්ත්වයක් දරන අයකු හෝ ලවා සහතික කරවා ගත යුතුය. තමාට නියම කර ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටිය යුතු අතර එසේ පෙනී සිටින පළමු අවස්ථාවේදීම විභාග ශාලාධිපති වෙත තම අත්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කළ යුතුය. එසේ ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් නොකරන අයදුම්කරුවකුට විභාගයට පෙනී සිටීමට අවසර නොලැබෙනු ඇත.

(ඇ) විභාග ප්‍රතිඵල

මෙම නිවේදනයේ 06 ඡේදයේ සඳහන් පරිදි ලිඛිත පරීක්‍ෂණයට පෙනී සිට සුදුසුකම් ලැබූ අපේක්‍ෂකයින් ව්‍යුහගත සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිඛිත පරීක්‍ෂණය හා ව්‍යුහගත සම්මුඛ පරීක්‍ෂණවලින් ලබාගත් මුළු ලකුණු එකතුව මත කුසලතා අනුපිළිවෙල අනුව ප්‍රතිඵල ලේඛනය සකස් කරනු ඇත. ලිඛිත විභාගයේ ප්‍රතිඵල ලේඛනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට ලබාදීමෙන් අනතුරුව ලිඛිත පරීක්‍ෂණයට පෙනීසිටි සියළුම අයදුම්කරුවන් වෙත ප්‍රතිඵල පෞද්ගලිකව දන්වා යැවීමට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.results.exams.gov.lkවෙබ් අඩවියේ පළ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගනු ඇත.

12. අපේක්‍ෂකයින්ගේ අනන්‍යතාව සනාථ කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලිවලින් එකක් විභාග ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.
(i)    ජාතික හැඳුනුම්පත
(ii)   වලංගු විදේශ ගමන් බලපත්‍රය
(iii)   වලංගු රියදුරු බලපත්‍රය

13.  විභාගය පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීතිරීතිවලට විභාග අපේක්‍ෂකයන් යටත් වේ. එම නීතිරීති උල්ලංඝනය කළ හොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත.

14. මෙහි සඳහන් නොවන යම් කරුණක් වෙතොත්, ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් තීරණය කරනු ඇත. සියලුම අයදුම්කරුවන් මෙම ගැසට් නිවේදනයේ සඳහන් පොදු විභාග නීතිරීති අනුව කටයුතු කිරීමට බැඳී සිටිනු ඇත.

15. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැළපීමක් හෝ අනනුකූලතාවක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.

ඩබ්ලිව්.බී.ඩී.දසනායක
පාර්ලිමේන්තුවේ මහ ලේකම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
2019 මාර්තු මස 29 වන දින

උපුටාගැනිම පාර්ලිමේන්තු වෙබ් අඩවිය


Advertisement