How to Apply Viddiyapita 2018


අද ලිපියෙන් අපි සාකච්චා කරන්නේ අපොස උසස් පෙළ විභාගයෙන් පසුව විද්‍යාපීඨ සදහා ඇතුලත් වන ආකාරය පිළිබදවයි අවසාන වරට විද්‍යාපීඨ සදහා සිසුන් බදවාගැනිමේ ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ 2017 නොවැම්බර් 02 වන දින වූ අතර එම ගැසට් පත්‍රයට අනුව 2015 වසරේ පවත්වන ලද උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ට විද්‍යාපිඨ සදහා අයදුම් කිරිමේ අවස්ථාව හිමිවිය බොහෝවිට 2018 නොවැම්බර් මස තුළදි 2016 වසරේ පවත්වන ලද උසස්පෙළ විභාගයෙන් සමත් සිසුන් විද්‍යාපීඨ සදහා බදවාගැනිමට අයදුම්පත් නිකුත් කිරිම සිදුවනු ඇත පසුගිය වසරේදි විද්‍යාපීඨ සදහා බදවාගැනිමේ ගැසට් පත්‍රයේ පළකර තිබූ සුදුසුකම් පහතින් දක්වා තිබේ
බොහෝවිට මෙම මූලික සුදුසුකම් හා සමානවු  සුදුසුකම්  මෙවරද බලාපොරොත්තු විය හැකිය මූලික සුදුසුකම් සපුරාන අයදුම්කරුවන්ට දිවයින පුරා පිහිටා ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවතින තුන් අවුරුදු පාඨමාලාවන් සදහා අයදුම් කළ හැකි අතර ඒ සදහා මූලික සුදුසුකම්වලට අමතරව එක් එක් පාඨමාලව සදහා සැපිරිය යුතු වෙනත් සුදුසුකම්ද පවති

2017 වසරේ පලවු ගැසට්පත්‍රයේ දක්වා තිබූ පාඨමාලා



පාඨමාලා සදහා තෝරාගැනිමේදි උසස් පෙළ විභාගයෙන් ලබාගත්  Z අගය වැදගත්වන අතර වැඩ්  Z අගයක් ලබාගත් අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමිවේ පාඨමාලව කාලය තුළ ශිෂ්‍යාධාර ලබාගත හැකි අතර අවුරුදු දෙකක නේවාසික ආයතනික පුහුණුවකින් හා පාසලකට අනියුක්තව වසරක සීමාවාසි පුහුණුවකින් පාඨමාලා සමන්විත වෙයි පාඨමාලව අතරතුර පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍යනම් ඒ සදගා මුදලක් ගෙවීමට සිදුවන බව පසුගිය ගැසට් පත්‍රයේ දක්වා තිබු අතර පසුගිය ගැසට්පත්‍රයට අනුව පාඨමාලවට ඇතුලත් වීමට සුදුසුකම් නොලබන පිරිස් පහත දැක්වේ 


Advertisement 


මෙවර විද්‍යාපීඨ සදහා අයදුම් කිරිමට බලාපොරොත්තුවන ඔබට ඉහත කරුණු වැදගත් වනු ඇත මෙම ලිපිය සකක් කිරිමට 2017 වසරේ පළවු ගැසට්පත්‍රය භාවිතා කර තිබේ  නොබෝ දිනකින් 2018 වසර සදහා අයදුම්කරුවන් බදවාගැනිමට නිකුත්කරන නව ගැසට් පත්‍රයෙන් ඔබට නවතම තොරතුරු ලබාගත හැකිය