How to Join Sri Lanka Foreign Service (SLFS)


ඕනෑම රටකට තවත් රටක් හා සම්බන්ධතා පවත්වා ගැනිමට නම් දෙරට අතර රාජ්‍ය  තාන්ත්‍රික  සබධතා පවත්වා පැවතිය යුතුය රාජ්‍ය තාන්ත්‍රික සේවය   යනු රාජ්‍ය තාන්ත්‍රිකන්  හා විදේශ රාජ්‍යන්  සමග සම්බන්ධතා පවත්වාගෙන යාම සදහා රටක ආණ්ඩුවක් විසින් පවත්වාගෙන යනු ලබන සේවාවයි රටක විදේශ ප්රතිපත්තින් ක්රියාත්මක කිරීමේදි ව්දේශ සේවා නිළධාරින්ගේ සේවය සුලුපටු නොවේ අද අප මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ශ්රී ලකා විදේශ සේවයේ නිළධාරියකු ලෙස සේවයට එක්විය හැකි ආකාරය පිළිඹදවයි

ශ්රි ලoකා විදේශ සේවයේ 111 වන ශ්රේණියට බදවා ගැනිම සදහා ශ්රී ලoකා විභාග දෙපාර්තුමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟ විභාගය සමත්වීම තුලින් විදේශ සේවයට එක්වීමට ඔබටත් අවස්ථාව පවති මෙම විභාගය සදහා අයදුම්පත් කැදවීමේ නිවේදනය ගැසට් පත්රයේ පලකරනු ලැබේ අවසාන වරට මෙම විභාගය සදහා අයදුම්පත් කැදවනු ලැබුවේ 2016/2017 වසර සදහාය එය 2017 මාර්තු 17වන දින ගැසට් පත්රයේ පලවිය මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එම ගැසට් පත්රයෙන් උපුටාගන්නා ලද අනාගතයේ ශ්රි ලoකා විදේශ සේවයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට වැදගත් වියහැකි කරුණු කිහිපයකි
ශ්රි ලකා විදේශ සේවයට එක්වීමට නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව විසින් පිලිගෙන ඇති ව්ශ්වවිද්‍යාලයකින් හෝ ආයතනයකින් ලබාගත් උපාධියක් ඔබට තිබිය යුතුය වයස අවුරුදු 22 ට එළබ තිබිය යුතු අතර අවුරුදු 30 ට නොඑළබ තිබිය යුතුය අයදුම්කරු දැනටමත් රජයේ සේවකයෙක් නම් අවුරුදු 35 ට නොඑළබ සිටිය යුතුය ආගමික පූජකවරුන්ට මෙම විභාගයට පෙනි සිටිමට අවසර නොමැති අතර එක් අයදුම්කරුවකුට උපරිම වශයෙන් විවෘත විභාගයට පෙනිසිටිය හැක්කේ අවස්ථා අවස්ථා තුනකදි පමණි ගැසට් පත්‍රයට අනුව මෙම තනතුරට අදාල වැටුප් පරිමාණය ලෙස දක්වා තිබුණේ රු.
47,615 – 10 X 1 ,335 – 8 X 1,630 – 17 X2,170 - Rs. 110,895 (SL-1-2016) - මාසික ලෙසයි
ලිඛ්ත විභාගය සදහා ප්රශ්න පත්ර 07 කි එක් එක් විෂය සමත්වීමට අවශ්ය අවම ලකුණු ප්රමාණය හා විෂයන් 7 සදහාම 350 කට නොඅඩු ලකුණු ප්රමාණයක් ලබාගත යුතුය ලිඛිත විභාගයට අදාල විෂය නිර්දේශය පහත පරිදි වෙයි
01 පොදු ප්‍රශ්න පත්රය
ශ්‍රී ලංකාවේ දේශපාලන සාමාජයීය සංස්කෘතික හා ආර්ථික පරිසරය පිළිබඳවත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන වත්මන් කරුණු පිළිබඳව සහ තාක්ෂනික හා විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳවත් අයදුම්කරු ලබා ඇති දැනුම පරීක්ෂා කිරීම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය සකස් කරනු ලැබේ
02 ලෝක තතු 1
සමස්ත ලෝකයේ සාමය ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ ප්‍රවණතා සහ ඒවා ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන ආකාරය විග්‍රහ කිරීමෙහිලා අයදුම්කරු සතු හැකියාව නිශ්චය කිරීම සඳහා ලෝකයේ දේශපාලන සිදුවීම් එක්සත් ජාතීන්ගේ සංවිධාන හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන හා ගැටුම් තත්වයන් හා නොයෙකුත් ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාර  අළලා වූ ප්‍රශ්නවලින් මෙම ප්‍රශ්න පත්‍රය සමන්විත වේ
03 ලෝක තතු 11
ජාත්‍යන්තර සංවිධානවල කාර්යභාරය කලාපීය ආර්ථික කණ්ඩායම්වල බලපෑම පරිසරය හා ධරණිය  සංවර්ධනය වැනි ප්‍රශ්න ද ඇතුළත්ව වෙළෙඳාම හා ආර්ථික සංවර්ධනය පිළිබඳ මෑත කාලීන ප්‍රවණතා හා ඒවා ශ්‍රී ලංකාවට අදාළ වන ආකාරය පිළිබඳ ප්‍රශ්න මෙම ප්‍රශ්න පත්‍රයේ අඩංගු වේ
04 රචනය
නියමිත විෂයක් හෝ කිහිපයක් හෝ යටතේ රචනා ලිවිය යුතුය මෙම මාතෘකා අධ්‍යයන ක්ෂේත්‍රයේ කිසිම විෂයකට සම්බන්ධ නොවන අතර එය සකස් කරනු ලබන්නේ අපේක්ෂකයා /අපේක්ෂිකාවගේ සාමාන්‍ය දැනීම සහ බුද්ධියත් සිතීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවත් පරීක්ෂා කිරීම පිණිසය  මාතෘකාව යටතේ කරුණු දැක්වීමෙහිලා අයදුම්කරුගේ කල්පනා ශක්තිය හා ප්‍රතිභාව මෙන්ම භාෂා ශෛලිය හා  ඉදිරිපත් කිරිමේ   හැකියාව නිශ්චය කිරීම සඳහා රචනය උපයෝගී කර ගනු ලැබේ  එය කියවිය හැකි පරිදි පැහැදිළි අකුරෙන් ලිවිය යුතුය
05 සාරාංශ
ඇති ඡේදයක / ඡේදයන්හි අර්ථය අවබෝධ කරගෙන එය සිත් ඇදගන්නා ආකාරයෙන් පැහැදිලිව  හා සංක්ෂිප්තව ඉදිරිපත්  කිරීමෙහිලා අයදුම්කරුගේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය සකස් කොට ඇත
06 බහුවරණ ප්‍රශ්න පත්රය
මෙම ප්‍රශ්න පත්‍රය එක් කොටසකට ලකුණු 75ක් ලැබෙන ප්‍රශ්න 50 ක් බැගින් වූ පහත දැක්වෙන පරිදි  වූ කොටස් දෙකකින් සමන්විත වනු ඇත

බුද්ධි පරීක්ෂණය මෙම කොටසින් අයදුම්කරුවන්ගේ තාර්කික හැකියාව සහ විශ්ලේෂණාත්මක කුසලතාව මැන බැලෙනු ඇත (කාලය මිනිත්තු  75)
සාමාන්‍ය දැනීම හා තත්කාලීන සිදුවීම් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දේශපාලන, ආර්ථික සහ සමාජයීය - සංස්කෘතික ක්ෂේත්‍ර වල සිදුවන වෙනස්කම් පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම මෙම කොටසින් මැන බැලෙනු ඇත (කාලය මිනිත්තු - 75)

07 භාෂා ප්‍රවීනතා ප්‍රශ්න පත්රය
භාෂා ප්‍රවීනතාව පරීක්ෂා කිරීම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය සකස් කරනු ලැබේ 
(සිංහල දෙමළ හා ඉංග්‍රීසි ලෙස ප්‍රශ්න පත්‍ර 03 ක් වන අතර මුළු ලකුණු ප්‍රමාණය 100 වේ. කාලය පැය 03 කි)
සිංහල මාධ්‍යයෙන් හා දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටින අපේක්ෂකයන් ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රයකට ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින අපේක්ෂකයන් සිංහල හෝ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රයකට ද පෙනී සිටිය යුතුය

ලිඛිත පරික්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගත් අය යෝග්‍යතා පරික්ෂනයකට මුහුණ දිය යුතුය එහිදි වෘත්තීය සුදුසුකම් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනතාව විදේශ භාෂා ප්‍රවීනතාව පරිගණක ප්‍රවීණතාව රාජ්‍ය භාෂා ප්‍රවීණතාව පෞරුෂත්වය සන්නිවේදන කුසලතා සහ විශේෂ කුසලතා සදහා ලකුණු ලබාදෙනු ඇත එහිදි ඔබට ලිඛිත පරික්ෂණයට හා යෝග්‍යතා පරික්ෂනයකට වැඩිම ලකුණු ලබාගැනිමට හැකිවුවහොත් ඔබට ශ්රි ලකා විදේශ සේවයේ 111 වන ශ්රේණියේ නිළධාරියකු ලෙස සේවයට එක්වීමට වාසනාව උදාවනු ඇත

ඔබට වැදගත් වියහැකි පාඨමාලාවක් 


ඉදිරියේදි ඔබ මෙම විභාගයට මුහුණ දීමට සූදානම් අයෙකු නම් මේ පිළිබද වැඩි විස්තර  2017 වසරේ ගැසට් පත්‍රය කියවීමෙන් ලබා ගත හැක පහත ලින්ක් එකෙන් එම ගැසට් පත්‍රය ලබාගත හැකිය 
  
Advertisement