සාමාන්‍ය දැනිම එකතුව 6 - General Knowledge Questions and Answers

 

general knowledge questions and answers in sri lanka sinhala

  1. ලෝකයේ මිරිදිය ජල ප්‍රතිශතය - 2.3%
  2. ලංකා බැංකුවේ පළමු විදේශ ශාඛාව වන්නේ - ලන්ඩන්
  3. තේ නිෂ්පාදනය සසඳහා වැඩිම වියදමක් දරන රට - චීනය
  4. ලොව වැඩිම ජනගහණයක් සිටින නගරය - ටෝකියෝ
  5. "දිලිසෙන සියල්ල රත්තරන් නොවේ" - විලියම් ෂේක්ස්පියර්
  6. ලොව වඩාත් වේගයෙන් වැවෙන්නේ - උණ කුලයේ ශාඛයි
  7. 2021 ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියෙන්ම සිටින විශ්වවිද්‍යාලය - කකොලඹ විශ්වවිද්‍යාලය
  8. අම්මා ග්‍රන්ථය රචනා කරන ලද්දේ - මැක්සිම් ගෝර්කි
  9. පොල්තෙල්වල අඩංගු විය හැකි පිළිකාකාරකය - ඇෆ්ලටොක්සීන්
  10. ශ්‍රී ලංකාවේ වර්තමාන අගවිනිසුරුවරයා වන්නේ - ජයන්ත ජයසූරිය මහතා
  11. වේවැල් නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය - රදාවඩුන්න
  12. ලෝකයේ සීනි කෝප්පය ලෙස හඳුන්වන රට - කියුබාව
  13. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමජික රටවල් ගණන - 47
  14. 2019 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ ශ්‍රී ලාංකික කාන්තාව - කැරොලොයින් ජූරි
  15. ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව - සුසන්තිකා ජයසිංහ
  16. වායුගෝලයේ වැඩිපුර්රම අඩංගු වාතය - නයිට්‍රජන්
  17. ලෝක ඉතිහාසයේ වැඩිම ඔලිම්පික් ජයග්‍රහණයක් ලබාගත් මයිකල් ෆෙල්ප්ස්ගේ ක්‍රීඩාව - පිහිනීම
  18. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයා - ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්
  19. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහ වැව් ගණන - කි
  20. ඕස්ට්‍රේලියාවේ අගනගරය - කැන්බරා
  21. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Google Indoor ගෘහස්ත සිතියම් තාක්ෂණය හහඳුන්වාදුන් පළමු ස්ථානය - කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ
  22. ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය - Sundarbans
  23. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අක්‍රීයව පවතින ආයතනය - භාරකාරත්ව මණ්ඩලය
  24. trafalgar Square පිහිටා ඇති රට - එංගලන්තය
  25. දකුණු ආසියාවේ දීර්ඝතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින රට - ඉන්දියාව
  26. ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ජන්ද බලය ලැබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - ඩොනමෝර්
  27. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹුණේ - 1972 වසරේ දී
  28. බෙන්ජමින් නෙතන්යාහු අගමැති ධූරය දරන රට - ඊශ්‍රායලය
  29. මෑතකදී මුහුදුබත් වූ ඉරාන නාවික හමුදාව සතු විශාලම නෞකාව - බාග් නෞකාව
  30. ක්‍රිකට් ක්‍රීඩාව සසඳහා ඉදි කළ ලොව ප්‍රථම ක්‍රීඩාංගනය වන ලෝඩ්ස් ක්‍රීඩාංගනය පිහිටා ඇති රට - එංගලන්තය