What to do after A Levels ?


2018 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිපල පැමිණ ඇත අතිශය තරගකාරි උසස් පෙළ විභාගයෙන් විශාල පිරිසක් සමත් වුවද ශ්‍රි ලංකාවේ ප්‍රධාන රජයේ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට සුදුසුකම් ලබන්නේ සීමිත පිරිසකි. අද අප මෙම ලිපියෙන් කතා කරන්නේ විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වීමට අවස්ථාව නොලැබෙන සිසුන් සදහා උසස් අධ්‍යාපන අවස්ථාවන් හිමිකරදෙන රජයේ අධ්‍යාපන ආයතන කිහිපයක් පිලිබදවයි.

ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය OUSL

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, වයස අවුරුදු 18 ට වැඩි, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් සඳහා උසස් අධ්‍යාපන වරම් ලබාදීම සඳහා පිහිටුවා ඇති ආයතනයකි විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යන උපාධ් පාඨමාලා හා ඩිප්ලෝමා රැසකි ශ්‍රී ලංකාව පුරා විහිදුන ප්‍රාදේශිය මධ්‍යස්ථාන ජාලයකින් යුක්ත විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනැමෙන උපාධ් පාඨමාලා හා ඩිප්ලෝමා පිළිබදව වැඩි විස්තර විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ අඩවියට පිවිසිමෙන් ලබාගත හැකිය.


වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය UNIVOTEC



පාර්ලිමේන්තු පනතතින් 2009 වසරේ ස්ථාපනය කරන ලදි. ශ්‍රී ලංකාවේ පලමු වැනි තාක්ෂණ විශ්වවිද්‍යාලය වේ. මෙය රත්මලාන ප්‍රදේශයේ පිහිටා තිබේ තොරතුරු තාක්ෂණය ඇතුලු තාක්ෂණික අoශ ගණනාවකටම වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මගින් උපාධි පිරිනමනු ලබයි උසස් පෙළ තාක්ෂණික විෂයන්වලින් ඉගනුම ලද සිසුන්ට මෙහි වැඩ් අවස්ථාවන් පවති වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳව වැඩ් විස්තර ලබාගත හැකිය.




ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය-SLIATE



SLIATE ලෙසින් හැදින්වෙන ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි, නමුත් උසස් අධ්‍යාපන ලැබීමට සුදුසුකම් සපිරූ සිසුන් වෙනුවෙන් උපාධි හා සමාන උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යයි මේ වනවිට දිවයින පුරා විහිදුන ශඛා ජාලයකින් සමන්විත SLIATE ආයතනය මගින්ද ඔබට පූර්ණ කාලින හා අර්ධ කාලින උසස් ඩිප්ලෝමාවන් හැදෑරිය හැකිය 2019 වසර සදහා සිසුන් බදවා ගැනිමේ අයදුම්පත් බොහෝවිට ලගදීම නිකුත් කරන අතර ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය පිලිඹදව වැඩ්විස්තර ඇතුලත් ලිපියක් අප ඉදිරියේදි පළ කිරිමට සූදානමින් සිටි


මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය -NDT


විද්‍යා හා ගණිත අශයෙන් උසස්පෙළ හැදෑරු විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි සිසුන් සදහා ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවන් මෙහි හැදෑරිය හැකිය මේ පිලිඹද වැඩ්විස්තර මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.