2020 වසරේ සිදුවු විශේෂ සිදුවීම් එකතුව

 


020 වසරේ සිදුවු විශේෂ සිදුවීම්
එකතුව
ජනවාරි මස
මගීන් 176 ක් සමග යුක්රේන මගී යානාවක් ඉරාන විප්ලවීය බළමුළුව විසින් මිසයිල පරහාරයක් එල්ල කර විනාශ කරනු ලැබීය. මෙය අත්වැරදීමක් බව ඉරාන රජය පසුව පරකාශ කළේය. ජනවාරි 8 වැනි දා සිදු වූ මෙම විපත නිසා යුක්රේන රජය දැඩි කෝපයට පත් විය.
ජනවාරි 20 වැනි දා අබිරහස් වෛරසයක් ගැන චීනයේ වූහාන් පරාන්තයෙන් වාර්තා විය. මේ වෛරසය කුමක්දැයි චීනය හෙළිදරව් කළේ නැත. එහෙත් පසුව හෙළි වූයේ වූහාන්හි සත්ත්ව වෙළෙඳසැලකින් වෛරසය ආසාදනය වී ඇති බවයි. මෙම අබිරහස් වෛරසයට 136 ක් ගොදුරු වී ඇති බවත් සිවුදෙනෙක් මියගොස් ඇති බවත් හෙළි විය.
පෙබරවාරි මස
ඊශරායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. පෙබරවාරි 4 වැනිදා ආරම්භ වූ මෙම පරීක්ෂණවලට තමන් මුහුණ දෙනබව, නෙතන්යාහු පවසා තිබිණි.
මේ අතර පෙබරවාරි 4 වැනි දා චීනයේ පැතිරී ගිය වෛරසය කොරෝනා බවට හඳුන්වනු ලැබූ අතර එය චීන සංචාරකයන් මාර්ගයෙන් යුරෝපය ඇතුළු ඇමෙරිකාවට ද ව්යාප්ත විය.
එසේම මෙම වෛරසය චීනයේ වවුලන්ගෙන් ආසාදනය වූ බවට වාර්තා වීම නිසා වූහාන් සත්ත්ව වෙළෙඳසැල් වසා දමනු ලැබීය.
ඇෆ්ගිනිස්තානයේ දිගු කලක් තිස්සේ පැවැති තලෙයිබාන් ගැටුම් නිරාකරණය කිරීම උදෙසා ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් තැබිණි.
මාර්තු මස
මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය තවත් වැඩි කරමින් සිරියානු පරහාරක යානා තුර්කියට එල්ල කළ ගුවන් පරහාරයකින් භටයන් 33 ක් මිය ගියා.
එසේම කොරෝනා වෛරස් ස්පාඤ්ඤයට ඇතුළු වී ඇති බවට හෙළි වීමත් සමගම පෘතුගාලය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඔස්ටිරයාව, ස්විට්සර්ලන්තය යන රටවල් දේශසීමා වසා දමනු ලැබිණි.
අපේරල් මස
කොරෝනා වසංගතය නොතකා දකුණු කොරියාව මහ මැතිවරණය පවත්වා ඇත. මෙම වෛරසය පැතිරීමට මුල් වූ දේවස්ථානයක් ද වසා දමනු ලැබීය. සෞදි අරාබියානු රජය යේමනය තුළ සති දෙකක ඒක අරාබිය යේමනයේ සටන් විරාමයක් පරකාශයට පත් කළත් හුති කැරලිකරුවන් එය පිළිගන්නේ නැත.
මැයි මස
බටහිර මාධ්ය විසින් මියගිය බවට පරචාරය කළ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මැයි දින සමරුවේ පෙනී සිටියේය. මෙයට පෙරද උතුරු කොරියානු නායකයා මියගිය බවට පරචාරය වූ අතර ඔහුගේ සොහොයුරිය රටේ පාලනය ගෙන යන බටව වාර්තා විය. කොරෝනා නිසා රට වසා දැමීමත් සමගම චීලි ජනතාව සන්තියාගෝ නුවර කලබල ඇති කරමින් උද්ඝෝෂණ පවත්වනු ලැබූහ.
ජුනි මස
ඇමෙරිකානු මින්නසෝටා පොලිස් භටයෙක් කළු ජාතිකයකුගේ බෙල්ල පාගාගෙන ඔහුව මරා දැමීම නිසා සමසත් ඇමෙරිකාව පුරා පොලිස් කෲර කිරයාවන්ට එරෙහිව දැඩි විරෝධතා ඇති විය. මෙහිදී මින්නසෝටා පොලිසිය අහෝසි කළ යුතු බව නගර සභාව විසින් යෝජනාවක් සම්මත කෙරිණි.
අයිසිස් තරස්තයන්ට සම්බන්ධ බොකෝහාරම් කල්ලිය ගම්වැසියන් 81 ක් ඝාතනය කිරීමේ සිද්ධියක් නයිජිරියාවෙන් වාර්තා විය.
පාකිස්තානයට ද අයිසිස් තරස්ත පරහාරයක් එල්ල විය. එම පරහාරය එල්ල වූයේ කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලකටය.
ජුලි මස
දූෂණ කිරයා සිදු කළ බවට චෝදනා එල්ල වූ දකුණු කොරියානු සියෝල් නගරාධිපතිවරයා දිවිනසා ගෙන ඇත. සියෝල් අගනුවරට තදාසන්න පරදේශයකදී ඔහුගේ සිරුර හමුවිය. චීනය පැනවූ නව ආරක්ෂක විධිවිධානවලට එරෙහිව හොංකොංහි විරෝධතා මෙහෙය වූ සිසුන් පස්දෙනෙක් අත්අඩංගුවට ගැනුණි.
අගෝස්තු මස
දූෂණ චෝදනා එල්ල වූ ස්පාඤ්ඤයේ ජුවන් කාලස් රජු රටින් පිටව ගියේය. රජු මොන්ටිකාලෝ රාජ්යයේ සිටින බවට වාර්තා විය. අනතුරුව රජුගේ පුතරයා රජකමට පත් විය.
2020 අගෝස්තු මස සිදු වූ විශාලතම විපත සිදු වූයේ ලෙබනයේ බිරුට් වරායේය. ඇමෝනියම් නයිට්ටේරට් ගබඩා කර තිබූ වරාය ගබඩාවක් හදිසියේ පිපිරීම නිසා 300 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ. මේ සම්බන්ධයෙන් වරාය පරධානියාට සහ හිටපු ඇමැතිවරුන් දෙදෙනකුට චෝදනා එල්ල විය.
මාලි රාජ්යය තුළ හමුදා කුමන්තරණයක් දියත් වී ජනපති සහ අගමැති අත්අඩංගුවට ගැනුණි.
ජපන් අගමැති හින්ටෝ අබේ සෞඛ්ය හේතූන් මත ධුරයෙන් ඉල්ලා අස්විය.
සැප්තැම්බර් මස
නගර්නෝ කර්බාක් පරාන්තය ගැන ආර්මේනියාව සහ අසර්බයිජානය අතර ගැටුම් ඇති විය. තුර්කිය සහ රුසියාව ගැටුම මර්දනය කිරීමට ඉදිරිපත් වී සාම ගිවිසුමක් අත්සන් කෙරිණි.
එහෙත් ආර්මේනියානු ජනතාව ජනපති රට පාවාදුන් බවට චෝදනා නැඟූහ.
ජනතාවගේ විරෝධය නොතකා බෙලාරුස් ජනපති ලූකෂෙප්කෝ නැවතත් ජනපති ලෙස වැඩ භාර ගැනීමත් සමගම යුරෝපා රටවල් සම්බාධක පනවනු ලැබීය.
ඔක්තෝබර් මස
කුවේට් පාලකයා ලෙස කටයුතු කළ ෂෙයික් අල් සබහා මියගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91 කි. තායිලන්තයේ වජිරකුන් රජුට එරෙහිව ජනතා විරෝධය මතු විය.
ඔහුගේ වත්කම් බිලියන 10 ක් යැයි වාර්තා විය. ගුවන් යානා 50 ක් ඔහුට අයත් වේ.
නවසිලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජසිස්තා අර්ඩන් ජය ගත්තාය. කොවිඞ් ආසාදනය වර්ධනය වීමේ රටවල් අතරින් ඇමෙරිකාව අංක 1 ට පත් විය.
යුරෝපයේ රටවල් කීපයක් ද වසා දැමින.
2020 වසර තුළ ලොව ගුවන් ගමන් සියයට 68 කින් පහළ වැටුණි.
නොවැම්බර් මස
කොරෝනා මර්දන එන්නත වූ ෆයිසර් මිලියන ගණනක් බිරතාන්යය, කැනඩාව, ස්විට්සර්ලන්ත ඇතුළු ධනවත් රටවල් විසින් මිලට ගෙන ඇත. මේ නිසා දුප්පත් රටවලට එම එන්නත ලබා ගැනීමේ අපහසුතාවක් උදා විය.
ස්පුටිනික් එන්නත වසර දෙකක් යනතුරු කිරයාත්මක බව රුසියාව නිවේදනය කළේය.
ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩන් ජයගත් අතර වත්මන් ජනපති ටරම්ප් එය පිළිගත්තේ නැත. ඉතියෝපියානු හමුදාව සහ ටයිගේර බෙදුම්වාදීන් අතර ඇති වූ ගැටුම් නිසා 706කට අධික සංඛ්යාවක් මරුමුවට පත් වූහ.
බොලිවියානු ජනපතිවරණයේ නව ජනපති ලෙස ලූවිස් ආරේස් පත්වූ අතර හිටපු ජනපති ඊවා මොරාලස් ආපසු සිය රට බලා එන බව පරකාශ කළේය.
දෙසැම්බර් මස
චන්ද්රිකා තාක්ෂණය යොදාගෙන එල්ල කළ පරහාරයකින් ඉරාන න්යෂ්ටික විද්යාඥ මොගේස් සාක්රියාද් ඝාතනය විය. එම ඝාතනය ගැන ඊශරායලයට චෝදනා එල්ල විය.
බිරතාන්ය රජය කොවිඞ් මර්දන ෆයිසර් එන්නත එරට භාවිත කිරීමට අවසර දුන්නේය.
පකිස්තානයේ මානව හිමිකම් කිරයාකාරිනියක් වූ කරීමා බලූච් කැනඩාවේ පොරොස්ටෝ ¥පතක අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගෙන ඇත.
කොරෝනා නව පරභේදය රටවල් 16කට ව්යාප්ත විය.
කොරෝනා තොරතුරු හෙළි කළ චීන මාධ්යවේදීන් සැන් සනොන්ට වසර හතරක සිරදඬුවමක් නියම විය. මේ අතර ක්රෝෂියාවේ සිදුවූ භූචලනයෙන් 7 ක් මරුමුවට පත් වී 20 ක් තුවාල ලැබීය.
උපුටාගැනිම -දිවයින පුවත්පත