How to Create a Your Facebook Profile Backup



අද සිට අප වෙබ් අඩවිය තුළින් Tech නිවුස් නැමති විශේෂාoග ලිපි මාලාවක්  ආරම්භ කරනු ලබනවා මෙමගින් තොරතුරු තාක්ෂණික ලෝකයේ ඔබගේ එදිනෙදා ජීවිතයට වැදගත්වන කරණු   සාකච්චාවට  ලක්කිරිමට බලාපොරොත්තු වෙනවා මේ යටතේ පළවන  පළමුවන ලිපියෙන් අප අද කථාකරනු ලබන්නේ ඔබගේ  ෆේස්බුක් ගිණුමට අප්ලෝඩ් කරනු ලැබු සියලුම ජායාරූප විඩියෝස් ආදි දේවල් ඉතාමත් පහසුවෙන් බැකප් ලෙස ඩවුන්ලෝඩ් කරගන්නා ආකාරය පිළිබදවයි 

අද වනවිට බොහෝ දෙනෙකු එදිනෙදා ජීවිතයේ  වැදගත් ජායාරූපයන් තම ජoගම දුරකතනයෙන් ලබාගෙන ෆේස්බුක වෙත යොමු කිරිම සිදුකරනු ලබනවා ජoගම දුරකථනයේ මෙමරිය සීමා වීමත් සමගම බොහෝවිට එම ජායාරූපය ඩිලිට් කරනු ලබනවා නමුත් ජoගම දුරකථනයේන් ඔබ ෆේස්බුක් වෙත අප්ලෝඩ් කරන ලද ජායාරූප විශාල ප්‍රමාණයක් ෆෙස්බුක් තුළ සුරකිව පවතිනවා ඔබට අවශ්‍යනම් ඔබ ෆේස්බුක් වෙත එක් කරන ලද පොටොස් ආදිය පහසුවෙන් එකපාර ඩවුන්ලෝඩ් කරගැනිමේ පහසුකම ෆේස්බුක් වෙතින් ඔබට ලබාගත හැකියි. ඔබට ෆේස්බුක් ගිණුමක් ඩිලිටි කිරිම සිදුවුවහොත් ඊට පෙර මෙම පහසුකම භාවිතයෙන් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ඔබ ෆේස්බුක් වෙත එක්කරන ලද ජායාරූප ආදිය පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගැනිමේ හැකියාව පවතිනවා 

මේ සදහා ඔබට පහත පියවරයන් අනුගමනය කළහැකිය 

මුලින්ම මේ සදහා ඔබ ඔබගේ ෆෙස්බුක් ගිණුමේ General Account Settings වෙත පිවිසිය යුතු වෙනවා 



ඉන් පසු ඔබට ඉහත පරිදි To download your information, go to your Facebook information. මත ක්ලික් කිරිමට හැකියි ඉන් පසුව පහත ඉන්ටෆේස් එක ඔබට ලබාගත හැකියි. 


ඉන්පසුව ඉහත පරිදි ඔබට අවශ්‍ය කාල පරතරය හා බැකප්  කිරිමට අවශ්‍ය දේවල් සිලෙක්ට් කර Create File ක්ලික් කරන්න ඉන් පසුව ඔබට පහත ආකරයේ නොට්ෆිකේශන් එකක් පෙනෙනු ඇත 


දැන් ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් බැකප් එක සකස් වෙමින් පවති මේ සදහා දිනක් හෝ  දින කීපයක් ගත විය හැකිය ඔබට දැන් වෙබ් බ්‍රවුසරය ක්ලෝස් කර පසු දිනක ඔබගේ බැකප් එක ඩවුන්ලෝඩ් කරගත හැකිය 

බැකප් එක රික්වෙස්ට් කර දිනක් හෝ දින කිහිපයකට පසුව ඔබට නැවත වතාවක් General Account Settings වලට ගොස් Download your information View ක්ලික්  කර බැකප් එක සකස් වී ඇද්දයි බලාගත හැකිය.


බැකප් එක සකස් වී ඇත්නම් Available files යටතේ ඩවුන්ලොඩ් කරගත හැකි බැකප් ෆයිල් එක පෙන්වනු ඇත 

ඔබ ෆේස්බුක් එකට අප්ලෝඩ් කර ඇති ෆයිල් ප්‍රමාණය අනුව බැකප් ෆයිල් එකේ සයිස් එකේ ප්‍රමාණය වෙනස්වනු ඇත බැකප් ෆයිල් එක Zip
ෆයිල් එකක් ලෙස ඩවුන්ලොඩ් වන අතර ඩවුන්ලෝඩ් කරගැනිමෙන් පසුව එම ෆයිල් එක UNZIP කරගත හැකිය 

UNZIP කරගැනිමෙන් පසුව ඔබ ෆේස්බුක් ගිණුමට අප්ලෝඩ් කරගත් සියලු පොටෝස් වීඩියෝ ආදිය බලාගත හැකිය තවත් මෙවැනි ලිපියකින් ලබන සතියේ හමුවෙමු 
 Ads