How to Get Darmacharya Certificate from Examination Department


අද ලිපියෙන් අපි කථා කරන්නේ විභාග දෙපාර්තුවෙන් ධර්මාචාර්‍ය විභාග සහතිකයක් ලබාගන්නා ආකාරයයි විභාග දෙපාර්තුමේන්තුවෙන් සහතිකයක් ලබාගැනිමට නම් ඒ සදහා අයදුම්පතක් ඉදිරිපත් කල යුතුවෙනවා විභාග දෙපාර්තුමේන්තුවේ මේ සදහා කවුන්ටරයක් පිහිටා තිබෙනවා මෙම කවුන්ටරය සතියේ වැඩකරන දිනවල උදෑසන 9 සිට හවස 3.00 දක්වා විවෘතව තිබෙනවා. මෙහි සහතික නිකුත් කිරිමේ සේවාවන් දෙකක් ක්‍රියාත්මක වනවා

01 සහතික නිකුත් කිරිමේ එක්දින සේවාව
මෙමගින් එක්දිනක් තුල ඔබට සහතික පත්‍රය ලබාගත හැකිය අයකිරිම 600 කි සහතිකය හිම්කරුගේ මවට හෝ පියාට වුවද පැමිණ මෙම සහතිකය ලබාගත හැකි අතර එහිදි සහතිකය හිමිකරුගේ උපැන්න සහතිකය හා සහතිකය ලබාගැනීමට පැම්ණෙන මවගේ ගෝ පියාගේ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ යුතු වෙනවා

02 සහතික නිකුත් කිරිමේ සාමාන්‍ය සේවාව

මෙම සේවාව මගින් සහතික ලබා ගැනිමේදි අයකරන ගාස්තුව වන්නේ රුපියල් 350 කි මෙහිදි තැපැල් මගින් සහතිකය දහම්පාසලට ගෙන්වා ගත හැකි අතර ඒ සදහා දිගු කාලයක් ගත විය හැකිය එම නිසා සහතික නිකුත් කිරිමේ එක්දින සේවාව හාවිතා කිරිම වඩාත් හොදය.

එක්දින සේවාව භාවිතයේදි පහත ආකාරයේ අයදුම්පතක් පුරවා බාරදීමට සිදුවේ 

මේ පිළිබදව වැඩි විස්තර 1911 මගින් විභාග දෙපාර්තුමේන්තුව ඇමතීමෙන් ලබාගත හැකිය කොළඹ කොටුවේ සිට විභාග දෙපාර්තුමේන්තුවට පැමිණෙන අයකුට කොළබ සිට බොරැල්ලට පැමිණ බොරැල්ල බස් නැවතුමෙන් පිටත්වන  බොරැල්ල කොට්ටාව බසයකින් පහසුවෙන්ම විභාග දෙපාර්තුමේන්තුව පිහිට් පැලවත්තට ලගාවිය හැකිය

 මේ සම්බන්ධ අනෙකුත් ලිපි 
ධර්මාචාර්‍ය විභාගය සමතුන් සදහා ගුරු පත්වීම් 
Advertisement